From Fedora Project Wiki

Revision as of 15:26, 18 September 2016 by Jibecfed (talk | contribs) (internal link cleaning)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

ආයුබෝවන් ! ෆෙඩෝරා ස්වදේශීයකරණ ව්‍යාපෘතිය - සිංහල පරිවර්තන කණ්ඩායම

The Fedora Localization Project - Sinhala Translation Team

ෆෙඩෝරා 8 තිරමුහුණත්
File:Sinhala danishka-silumina.jjpg සිළුමිණ ලිපිය]
File:Sinhala localozation-RH-sinhala.pdf දේශියකරණ වැඩසටහන - සිංහල ඉදිරිපත් කිරීම]
File:Sinhala localozation-RH-english.pdf Localization Program - English presentation]

File:Sinhala firefox-2.0.0.10pre.si-LK.langpack.xpi Firefox 2 සඳහා සිංහල ඇසුරුම]
උපදෙස්:
1. මෙය බාගත කර ඔබගේ Firefox 2 ගවේශකයට ඇද දමන්න
2. Firefox 2 යළි අරඹන්න
3. මෙම පුරුක වෙතට ගොස් https://addons.mozilla.org/en-US/firefox/addon/1333 Quick Locale Switcher ස්ථාපනය කරගන්න
4. Firefox 2 යළි අරඹන්න
5. දැන් භාෂාව සිංහලට වෙනස් කරන්න Tools > Language
හෝ $LANG=si_LK firefox විධානය භාවිතා කරන්න.

File:Sinhala LC MESSAGES.tar.gz සම්පාදිත gnome-2.20 ගොනු] මෙම ගොනව බාගතකර, විසුරුවා එහි ඇති සියළුම .mo ගොනු /usr/share/locale/si/LC_MESSAGES/ ස්ථානයට පිටපත් කර යළි පිවිසෙන්න

File:Sinhala pidgin.mo පිඩ්ගින් සිංහල පරිවර්තනය] මෙම ගොනුව /usr/share/locale/si/LC_MESSAGES/ ස්ථානයට පිටපත් කර යළි පිවිසෙන්න

සිංහල ව්‍යපෘතිය

අපගේ මූලික පරමාර්ථය වන්නේ, ශ්‍රීලංකාවේ ප්‍රධානතම රාජ්‍ය භාෂාව වන සිංහල භාෂාව, Fedora මෙහෙයුම් පද්ධතිය තුල අන්තර්ගත කිරීමයි. මෙහි ප්‍රථම පියවර ලෙස සිංහල භාවිත කර පරිගණකය ආශ්‍රයෙන් එදිනෙදා කටයුතු කරගෙන යාමට හැකිවන සේ භාෂා සහය ඇතුලත් කිරීමට බලාපොරොත්තු වනවා.

දෙවනුව, Fedora මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන් සිංහලට පරිවර්තනය කරනු ලබන අතර, මෙම මූලික කරුණු ද්විත්වය අදියර පහකින් යථාර්තයක් බවට පත්වනු ඇත.

1. Fedora මෙහෙයුම් පද්ධතිය තුල සිංහල භාෂා සහය අන්තර්ගත කිරීම - සිංහල ලිවීමේ කියවිම සඳහා සහය දක්වයි
2. Fedora මෙහෙයුම් පද්ධතිය සිංහලට පරිවර්තනය කිරීම - දැනට කටයුතු සිදුවෙමින් පවති
3. Gnome වැඩසටහන් සහ උපාංග සිංහලට පරිවර්තනය කිරීම - දැනට කටයුතු සිදුවෙමින් පවති
4. Open Office සිංහලට පරිවර්තනය කිරීම - දැනට කටයුතු සිදුවෙමින් පවති
5. KDE වැඩසටහන් සහ උපාංග සිංහලට පරිවර්තනය කිරීම

මේ කරුණු සියල්ල සඳහා ඔබගේ අදහස්, උපදෙස්, යෝජනා සහ විවේචන ඉතාමත් නිහතමානීව පිළිගනු ලබනවා. මක්නිසාද, ඒ සියල්ල මෙහි ගුණාත්මක බව වර්ධනය කිරීමට බලපාන ඉතාමත්ම වැදගත් තීර්ණාත්මක සාධකයන් ලෙස අප සලකන බැවිනි. මේ සම්බන්ධයෙන් ඔබ උනන්දුවක් දක්වන්නේ නම් මාතෘකාව ලෙස LNG-COMENTS යොදා විද්‍යුත් ලිපියක් එවන්න.

භාෂාව හැසිරවීම සහ තාක්‍ෂණික ඉංග්‍රීසි වචන සඳහා වඩාත් උචිත සිංහල යෙදුම් භාවිතයත්, භාෂාවේ ගුණාත්මක බවට හානියක් නොවන අයුරින් සරල යෙදුම් යොදා ගැනීමත් සියල්ල ඉතා උසස් මට්ටමකින් අඛණ්ඩව පවත්වාගෙන යාමත් කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු කරනු ලබනවා.

Fedora සජීවී සංයුක්ත තැටි

මෙම ව්‍යාපෘතිය අප විසින් ඉදිරියේදී ආරම්භ කිරීමට යන තවත් එක් වැදගත් කාර්යයක්. සිංහල භාෂා සහය සමඟින් මෙම සජීවී සංයුක්ත තැටිය ISO පිළිඹුවක් ලෙස නිකුත් කිරීමට නියමිතයි. සරසවි හා පාසල් සිසුන්, ගුරුවරුන් හා පරිගණක අධ්‍යාපනය හැදෑරීම කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන්නන් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ට අවශ්‍ය මෘදුකාංග කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ගනිමින් මෙය සකස් කරනු ලබනවා.

මීට ඇතුලත් කිරීමට වඩාත් උචිත බැව් හැඟෙන මෘදුකාංග සහ උපාංග අපට දන්වා එවන්න. මේ සම්බන්ධයෙන් ඔබ උනන්දුවක් දක්වන්නේ නම් මාතෘකාව ලෙස PKG-REQUEST යොදා විද්‍යුත් ලිපියක් එවන්න.


සිංහල යෙදුම්

බොහෝ ඉංග්‍රීසි පරිගණක වචන සඳහා වන ඊට අදාල සිංහල යෙදුම් දැනට නොමැති අතර සමහර වචනවල සරල සිංහල තේරුම භාවිත කල හැකි නමුත් පරිගණක ක්‍ෂේත්‍රයට වඩාත් උචිත අයුරින් මෙම වචන වල තේරුම භාවිතයේ යෙදීම මෙහි බලාපොරොත්තුවයි. දැනට අප භාවිතා කරන වචන සියල්ල ඉතාමත් ඉක්මණින් මෙහි පලවෙනු ඇත.

මේ සඳහා ඔබගේ අදහස් මහෝපකාරී වන අතර, දැනට භාවිත කරන යෙදුම්හි යම් සංශෝධනයක් සිදුකිරීමට අවශ්‍ය නම් මෙමඟින් ඒ සඳහා ඉඩ ප්‍රස්ථා ලබාදීමට බලාපරොත්තු වනු ලබනවා. මේ සම්බන්ධයෙන් ඔබ උනන්දුවක් දක්වන්නේ නම් මාතෘකාව ලෙස LNG-WRDLIST යොදා විද්‍යුත් ලිපියක් එවන්න.



ලිපිනය

විද්‍යුත් පණිවුඩ එවිය යුතු ලිපිනය : snavin at redhat.com උක්ත කරුණු වලින් බැහැරව වෙනත් යමක් අපට දන්වා එවීමට උනන්දු වන්නේ නම් මාතෘකාව ලෙස GEN-COMENTS යොදා විද්‍යුත් ලිපියක් එවන්න.